Posts

Showing posts from January, 2022

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය

                               සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය.                     හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කාව්‍යයි.එකී කියමන සපථ කරනු ලබන කිවිඳියක ලෙස නූතන සාහිත්‍යය කිවිදියන් අතුරින් යමුනා මාලනී පෙරේරා පෙන්වා දිය හැකිය.  "සුරා සොඩ සැමි වලප" නම් පද්‍ය පන්තිය රචනා කොට ඇත්තේ ද ඇය විසිනි.එම කාව්‍ය ඇයගේ කාව්‍ය නිර්මාණ අතරින් විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.                   මෙකී සුරාසොඬ සැමිවලප නම් පද්‍ය පන්තිය සඳහා ඇය පාදක කොට ගෙන ඇත්තේ සුරාවට ලොල් වූ පුරුෂයෙකු නිවසේ කටයුතු මෙන්ම තම භාර්යාව ගැන ද තැකීමක් නොකොට ජීවත් වී භාර්යාව මියදුනු විට ශෝක වෙමින් අතීතාවර්ජනය කරනු ලබන්නකි.     අයස ලගදි මා ලග සිටි             යසවතිය     සිරිබර සැපත නොමදුටු            සිරිමතිය     නිරස කුල බොජුන් වැල            රසවතිය     කටුක වැල් යහන සැරසූ           පතිවතිය                  මෙම කවියෙහි සඳහන් පුරුෂයා ඉතාමත් දැඩි ලෙස සුරාවට ලොල් වු පුරුෂයෙකි.ඔහු කෙතරම් බීමතින් නිවසට පැමිණියත් ඇයට තාඩන පීඩන සිදුකළත් භාර්යාව ඉතාමත් සානුකම්පාවෙන් මේ දුක් සියල්ල ඉවසාගෙන ඔහු සමගින් ජිවත් වන්නට විය.ඇ

ආරණ්‍ය සේනාසන වනය

Image
                              ආරණ්‍ය සේනාසන වනය ඇවිද එන විට ගල් පඩි දිගේ දැනේ සුවයක් සිසිලසක් අතු පතර විදා ගිය වනස්පති යන්ය සැම තැනම  ලතාවක් ඉහළ යයි මහා රුකක ආධාරයෙන්  රැහැයියන්ගේ නාදය කුරුළු කිචි බිචිය මිහිරිය දෙසවනට රිලවුන්ගේ බුකු බුකු ව සුවඳ හමනා වරකාවටය පලතුරින් පිරි වනය මුන්ඩිගල සෙන  සුනය ගඳපාන බෝවිටිය වෛවර්ණ පුෂ්පයන් කුරුල්ලන්ට සමනලුන්ට ආහාර ගබඩා ය සිතට ගතට සුවය ගෙනෙන  බුදු පුතුන් වසන පින් බිමයි මේ මුන්ඩිගල ආරන්‍ය සේනාසන වනේ.....                                                                  ✍️අමා.

කුරුටු ගෑ ආදරේ

Image
                             කුරුටු ගෑ ආදරේ හඳ මඬල පුරා ගැලු සෙනෙහසේ හිමිකාරියයි ඔබ පින්වන්ත කුමරියේ හදවතේ තෙරපෙනා කියාගත නොහැකි ආදරේ හදවතේ දරාගෙන මම තාම බස් නැවතුමේ නැවතුමේ බිත්තියේ ඔබ බලා සිටියදී කුරුටු ගෑවා මුළු හදින් ආදරෙයි මං ආදරෙයි...                                                                 ✍️ අමා

දෙවියන්ගේ පිහිට

                             දෙවියන්ගේ පිහිට         මම ගමේ ගොස් බෝඩිමට පැමිණියෙමි.නාන කාමරයට වැදී හොඳහැටි නා ගත්තේ ගමන් වෙහෙසින් මිදීම සඳහා ය.වේලාව සවස පහමාරට හයට පමණ ඇත.නාන කාමරයෙන් එලියට ආ මට විශාල පිපුරුම් හඬවල් ඇසෙන්නට විය.පහළ පාර දෙස බැලූ මට පෙණුනේ මිනිසුන් හිස් ලූ ලූ අත දිව යන අයුරු ය.පිපිරුම් හඬත් ඇඳිවත පිටින් දුවන මිනිසුනුත් මසිතට ගෙනාවෙ කුතුහලයකි.බෝඩිමේ ගෙදර අයත් නැත.මා පාරේ දුවමින් සිටි අයෙකුගෙන් පිපිරුම් හඬ හා මිනිසුන්ගේ කලබලය ගැන විමසීමි. "ශාලාව කෑම්ප් එක පුපුරනවා ඉක්මනින් ඔතනින් අයින් වෙන්න මහත්තයා"මට ලැබුණු පිළිතුර ය.             ශාලාව කෑම්ප් එක යනු යුධ හමුදා අවි ගබඩාවක් බව මා අසා තිබුණි.මටත් බියක් දැනිණි.මගේ බෝඩිමේ සිට කෑම්ප් එකට වැඩි දුරක් නැත.විශාල ගිනි දැල් පෙනෙන්නට විය.පිපිරුම් හඬ දෙසවන් බිහිරි කරයි .මාත් මාගේ මෝටර් රථයට නැගගත්තේ අතට අසුවෙන දේ රැගෙනය.මෝටර් රථය මහා මාර්ගයට අවතීර්ණ කර ගැන්මට මෙන්ම ගමනාගමනය ද ඉතා අපහසුය.එතරම්ම පාරේ තදබදය වැඩිය.පොරකකා ඉදිරියට ඇදෙන මහ පිරිස් අතර ඉබි ගමනෙන් ඉදිරියට ඇදෙන වාහන පෝලිමට මාගේ රියත් එක්විය.මා මගේ අම්මට දුරකථන පණිවිඩයක්

අයියලා

Image
                                   අයියලා ටියුෂන් පන්තිය අවසන් වන්නේ අයියලා පාරට වී ඉන්නේ නංගිලා බලන්නයි එන්නේ නංගිලා ගේ හිත ගන්නයි මේ දගලන්නේ  පැච් ඩෙනිමක් ඇඳ එන්නේ කනේ කරාබුවක් දා ඉන්නේ ස්කූටරයක නැඟ එන්නේ නංගිලාගේ විරයා වෙන්නයි දඟලන්නේ රස්සාවක් නැතුවයි ඉන්නේ තාමත් අම්මලගෙන් කන්නේ ස්කූටරයත් කාගෙන් හරි ඉල්ලන් එන්නේ  නංගිලා රවටන්නයි මේ  දඟලන්නේ                                                                                          ✍️අමා

පුතණුවනේ.....

Image
                             පුතණුවනේ..... ගිලන් යහනේ උඩුකුරුව වැතිර හිදිමි දිවා රැයේ ඒ ලෙස ඉන්නා මෙමට නුඹේ රුව රසදුනකි පුත නුඹේ ගිලානෝපස්ථානය දෙනෙතට කදුලු  නංවයි ගිලන් වු මවට ද උවටැන් කලේ නුඹමය පුත මවුපිය උපස්ථානය නොදන්නා දරුවන් අතර නුඹ රත්නයකි පුත මට සසර මතු යම් දිනක  නිවන් දක්නා පින පතමි පුතණුවෙනි නුඹට ......

කුලගෙය හැරදමා ආවොත් මා කවුරුන් වේදෝ

Image
    කුල ගෙය හැර දමා ආවොත් මා කවුරුන් වේදෝ ඔය සුරත ගෙන මල් මාවතේ ගිය කාලය අතීතයටම හිමිවිය  ඔබ දුකින් බව දනිමි දෙමාපිය බහට විය යුතු විය අවනත ඉතින් දුරක ගියෙමි  එනු නොහැක නැවත කුලකයේ රකින්නට  සපථ වී ඇත මා මටම දෙමාපියන්ට අවනත වූ මා චපල පෙම්වතියක් වීමී කුල ගෙය හැර දමා ආවොත්  මා කවුරුන් වෙයිද?                                                                      ✍️අමා

චුන් පාන්

Image
                              චුන් පාන් පාන් රාත්තල යැයි  කිව්වාට කටකහනවාට පාන් රාත්තලේ බර සැහැල්ලු වී ඇත සැහැල්ලු බව හින්දම දින දින මිල යයි ඉහලට ගුල්ලෙක් දෙන්නෙක් හිටියට  ප්‍රණීතය පිරිසිදුය චුන් පාන් අල්ලන්නට මටත් ඕනෙ අශ්වරියක්.....

රහසක්

Image
                                  රහසක් වසරකුත් සති දෙකක් ගෙවී ඇත තවමත් මට මෙය ඇයට කියා ගත නොහැක හැමදාම ඇය එනතුරු  මග බලා සිටිමි මම ඇගේ සිනහව දැකගැනීමට නමුත් තවමත් ඇය නො දන්නා දෙයකි මෙය මා ඇයට පෙම් කරන බව....                                                                        ✍️ අමා

දීර්ඝායුෂ

Image
   දීර්ඝායුෂ  ඇඟපත වාරු නැති වී තවකෙකු පිහිට ලබමී එකතැන ගිලන් වී  දීර්ඝායුෂ විදිමී දන්ත කල්‍යාණය හැලී ලොඹු කට ඉතිරි වී පිටවන බසත් නොතේරී කුමට ආයුෂ දික්වී පෙනීමක් ඇත්තේම නැත ඇසේ දහවලත් දැනේ රැය සේ කන් දෙකත් නොඇසේ දීර්ඝායුෂ විඳිමි දුක සේ කරගත් කුසල කර්මත් ඇතිව සිටිමි මරණය අභියසම සිහි කල්පනාවක් ඇති නැති ගානය දීර්ඝායුෂ දැන් නම් බර වැඩිය.                                                              ✍️අමා                                     

පවසට පැන්

                 පවසට පැන්                   කන්ද පහල සිට අතින් අත වැලි ගල් සිමෙන්ති කන්ද මුදුනට ගොඩ ගැසී ඇත්තේ සමගියේ බලය පෙන්වමිනි.අද උෑසන සුභ මුහුර්තයෙන් ආරම්භ වන්නේ මාගේ සිහිනය මල්ඵල දැරීමයි.        මා කුඩා කල මේ කන්දේ බිහිවි තිබුණේ නිවාස  හතරක් පමණි.අද එය කන්ද පුරාම විහිදී නිවාස විසි පහක් දක්වා වර්ධනය වී ඇත.       මා අවුරුදු පහක් එක දිගට රට රැකියාවක නිරත වූයේ සඵල කර ගැනීමට සිහිනයක් ඇතිවය.කෝපි මල් සුවද දසත විසිරී යන හිමිදිරියේ පිරිත් සජ්ඣායනය මැද නමෝ විත්තියෙන් පළමු පස් පිඩලි කපා කන්ද පහළ දෙනියෙත් කන්ද මුදුනේත් අපි වැඩ ආරම්භ කළෙමු.පුරා මාස තුනක් නිවාස විසි පහේ අපි එකාවන්ව වැඩ කළෙමු.එතරදී දහඩිය මහන්සියෙන් මා සෙව් මුදල් මහන්සි මම ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළෙමි.       මේ සිසිල් සුළං හමන සඳ පෑයු රාත්‍රියේ මගේ මිදුලේ බංකුවට පෙනෙන පහල ළිඳත් අපේ වත්ත කෙළවර උසට උසේ  සාදා ඇති ජල ටැංකියත් මාගේ දෙනෙතට රසදුනකි.වසර ගනනාව සිට මාගේ අම්මාත්,අප්පච්චිත් මෙන් ඉතිරි නිවැසියන් ද පීඩාවට පත් කළා වූ උග්‍ර ජල ප්‍රශ්නය හෙටින් හමාරය.දෙණියේ කැප්ප වූ ළිඳෙන් කඳු මුදුනේ ටැංකියට පොම්ප කළ ජලය නල දිගේ නිවාස විසි පහට

දෛවය

                                       දෛවය          මම පාරට අවතීර්ණ වූයේ දහසකුත් බලාපොරොත්තු සාහිතවය.දෙතුන් මසක සිට මග තොටදී දුටු එක් සුන්දර යුවතියක ගැන මසිත පැහැදීමක් ඇති වී ඇත.මා උදැසන කාර්යාලය වෙත යාමට බස් නැවතුමට එද්දී ඇය ද බස් නැවතුමට එන්නීය.උස පැහැපත් සිරුරක් හිමි ඇයගේ විශේෂත්වය වුයේ දිගු කෙස් වැටියයි.සත්තකින්ම එය කිතුල් මලක්ම විය.           මම ඇයට සිනහාවකින් සංග්‍රහ කලේමි.ඇය ද මට සිනහාවකින් සංග්‍රහා කලේය.එලෙස ඇරඹි ඇසුර අද ටිකක් දුර යන හැඩය.ඇය අද මා හමුවිමට පොරොන්දුවක් දී ඇත.මා මේ ඇය හමුවිමට යන ගමන්ය.ඇය මා අභියස මා ඇය අබියස අප දෙදෙනා අභියස සීතාවක මල් වත්තේ විසල් ගෙට්ටුව ය.අප ප්‍රවේශ පත්‍ර රැගෙන එයට ඇතුළු වීමු.ඇයත් මාත් පැය කිහිපයකින් ඉන් පිටතට ආවේ පෙම්වතුන් ලෙස ගිවිස ගෙනය.එතැන් පටන් මා මගේ පෙම් ලොව රජු විමී.            දින දෙකක් ගෙවි ගියේ ය.ඇයගෙන් ලැබුණු දුරකථන ඇමතුමෙන් පැවසුයේ ඇයට උන ගැනි ඇති බවය.මේ දින දෙක තුළ දුරකථනවලට ඉස්පාසුවක් නොවිය.අප මුණ ගැසුනේ සිකුරාදා දිනකය.ඇයට යළි මා හමුවිය හැක්කේ අඟහරුවාදාට ය.සඳුදා පොහොය නිසා ඇයට නිවසේ රැදෙන්නට සිදුවිය.අඟහරුවාදා මා බස් නැවතුමට ගියේ ඇ

සැප සොයා..

Image
                                  සැප සොයා සැප සොයා  දුක් විදින මිනිසා ගල් ගෙයින් නික්ම පිදුරු පොල් අතු ටකරන් ඇස්බැස්ටොස් පසුකර කොන්ක්‍රිට් පියස්සට නැග සැපය යනු කුමක්දැයි නොදැන දුකම තව තවත් ලගා කරගනිමින් රුපියල් ශතමතම ජිවිතේ සැප සොයයි සැප ලබන රුපියල් ශත ඇතුලේ දුක රැදි ඇති බව නොදන්නේ.. කොන්ක්‍රිට් පියසි තවතවත්  උස්කර සැප සොයන්නට  මං මුලා වෙනු ඇත.. 

කාශ්‍යප නිරිදුට පැණයක්

Image
              කාශ්‍යප  නිරිදුට පැණයක් කාශ්‍යප මට සත්‍ය පවසනු මහාවංසයේ කියන මේ කතාවල මුගලන්ට බිය වි නුඹ  පලා ආවේ ද  සිගිරිය වෙත බලකොටුවක් පමණක් ඉදිනොකොට ආලකමන්දාවක් ඉදිකරවුයේ කුමකට ද ගල මුදුනට ජලය ගත්ත  විශ්මිත ඒ ක්‍රියාවලිය  අදටත් අභිරහසකි  ලෝකයාට හමා ඇදෙන මද පවනේ මුසුකර මා හට එය පවසනු මැන.                                                                             ✍️අමා