Posts

Showing posts from November, 2021

අම්මා

Image
                                                                     අම්මා හිරැ වැඩ අරඹන්නත් පෙර  ඇය වැඩ අරඹන්නෙ ඇය හට පැවරැනු එක වැඩ කොටසක් නොමවන්නේ දවස මුළුල්ලෙම වැඩෙහි යෙදෙන්නේ නිවාඩු හිමි නැත පඩි හිමි නැත ඒ හැම දරැවන් වෙනුවෙන් කැපකර ලන්නේ එසේ කරන කෙනෙකුට මේ ලොව ඇත්තේ  ඒ වෙන කවුරුත් නොව නුඹමයි අම්මේ.

දුරස් වු පාසල

Image
                          දුරස් වු පාසල එන්න එන්නම අපේ පාසල් කාලය දුරස් වි යන හැඩයි ඩිජිටල් තිරයකි  පන්ති කාමරයක් බවට පත්වි ඇත්තේ උදේ ඉදන් රැවෙන තුරැ එය ඉදිරියේ කාලේ ගෙවයි යාලුවෝ නැ සෙල්ලම නැ  කාමරයට කොටු විලා අනේ ආයෙත් අතින් අල්ලන්  යන්න ඇත්නම් පාසල පුරා යහලුවන් වට කරගෙන කරපු කියපුවා මතක් වෙනකොට පුංචි කදුලක් නෙතගින් ගිලිහි වැටේ කැන්ටිමෙ පොල් රොටියේ රස බලා පාසල වටේ රවුමක් දමා පන්තියට පමා වී ගියත් ගුරැවරැන්ගෙන් බැනුම් ඇහුවත් අනේ ඒ අතිතය හරි සුන්දරයි  අනේ ආයෙත් එසේ ඉන්නට ඉඩක් අපහට ලබාදේ දෝ කොරොනා ඔබ දුරස් වනු මැන අපේ සුන්දර පාසල් කාලය නැවත අපහට ලබා දෙනු මැන.