දෛවය

                                      දෛවය


         මම පාරට අවතීර්ණ වූයේ දහසකුත් බලාපොරොත්තු සාහිතවය.දෙතුන් මසක සිට මග තොටදී දුටු එක් සුන්දර යුවතියක ගැන මසිත පැහැදීමක් ඇති වී ඇත.මා උදැසන කාර්යාලය වෙත යාමට බස් නැවතුමට එද්දී ඇය ද බස් නැවතුමට එන්නීය.උස පැහැපත් සිරුරක් හිමි ඇයගේ විශේෂත්වය වුයේ දිගු කෙස් වැටියයි.සත්තකින්ම එය කිතුල් මලක්ම විය.

          මම ඇයට සිනහාවකින් සංග්‍රහ කලේමි.ඇය ද මට සිනහාවකින් සංග්‍රහා කලේය.එලෙස ඇරඹි ඇසුර අද ටිකක් දුර යන හැඩය.ඇය අද මා හමුවිමට පොරොන්දුවක් දී ඇත.මා මේ ඇය හමුවිමට යන ගමන්ය.ඇය මා අභියස මා ඇය අබියස අප දෙදෙනා අභියස සීතාවක මල් වත්තේ විසල් ගෙට්ටුව ය.අප ප්‍රවේශ පත්‍ර රැගෙන එයට ඇතුළු වීමු.ඇයත් මාත් පැය කිහිපයකින් ඉන් පිටතට ආවේ පෙම්වතුන් ලෙස ගිවිස ගෙනය.එතැන් පටන් මා මගේ පෙම් ලොව රජු විමී.

           දින දෙකක් ගෙවි ගියේ ය.ඇයගෙන් ලැබුණු දුරකථන ඇමතුමෙන් පැවසුයේ ඇයට උන ගැනි ඇති බවය.මේ දින දෙක තුළ දුරකථනවලට ඉස්පාසුවක් නොවිය.අප මුණ ගැසුනේ සිකුරාදා දිනකය.ඇයට යළි මා හමුවිය හැක්කේ අඟහරුවාදාට ය.සඳුදා පොහොය නිසා ඇයට නිවසේ රැදෙන්නට සිදුවිය.අඟහරුවාදා මා බස් නැවතුමට ගියේ ඇය දැකීමටය.ඇයත් නැත ඇගේ දුරකථනයත් නිහඬය.මගේ හදවත පමණක් වැඩය.ඇයට සිදුවුයේ කුමක්ද ඇගේ උන රෝගය උත්සන්න වුවාද.කාර්යාලයට ගිය ද මට වැඩ කළ නොහැකිය.මම වරුවක් නිවාඩු ගෙන ඇය ගැන සොයා බැලීමට තීරණය කළෙමි.

             දෙවියනේ ඇයට කොරොනා රෝගය වැළදී එය උත්සන්න වී රෝහල් ගත කර ඇත.ඇයගේ තත්ත්වය ඉතා  අයහපත්ය.කොරොනා රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස නිරෝධායනය වීමට සිදුවූ මටද රෝගය වැළඳී ඇති බව පරීක්ෂණයකින් තහවුරු විය.ඇය රෝහලේ තනිවෙද්දී මා කොරොනා කඳවුරක තනි වූ යෙමි.ඇය රෝහලේ ගිලන් ඇඳේ සිට බොහෝ අපහසුවෙන් හුස්ම ගනිමින් දිනක් මා ඇමතුවාය.එයින් පසු ඇගෙන් පණිවිඩ නොවි ය.කොරෝනා මාරයා ඇය මගෙන් උදුරාගෙන තිබිණි.ප්‍රථම හමුවීම මේ අපගේ අවසාන හමුවත් තීරණය වී තිබි ඇත.ඒ පියකරු මුහුණ නැවත වරක් දැකිමටවත් ඉඩක් නොතබාම මගේ පෙම්වතිය කොරොනා මාරයා මෙගෙන් වෙන් කර ගෙන ගොස් ඇත. 

                                            


                                                                                                                         ✍️අමා

         

Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය