පවසට පැන්
පවසට පැන්
කන්ද පහල සිට අතින් අත වැලි ගල් සිමෙන්ති කන්ද මුදුනට ගොඩ ගැසී ඇත්තේ සමගියේ බලය පෙන්වමිනි.අද උෑසන සුභ මුහුර්තයෙන් ආරම්භ වන්නේ මාගේ සිහිනය මල්ඵල දැරීමයි.
මා කුඩා කල මේ කන්දේ බිහිවි තිබුණේ නිවාස හතරක් පමණි.අද එය කන්ද පුරාම විහිදී නිවාස විසි පහක් දක්වා වර්ධනය වී ඇත.
මා අවුරුදු පහක් එක දිගට රට රැකියාවක නිරත වූයේ සඵල කර ගැනීමට සිහිනයක් ඇතිවය.කෝපි මල් සුවද දසත විසිරී යන හිමිදිරියේ පිරිත් සජ්ඣායනය මැද නමෝ විත්තියෙන් පළමු පස් පිඩලි කපා කන්ද පහළ දෙනියෙත් කන්ද මුදුනේත් අපි වැඩ ආරම්භ කළෙමු.පුරා මාස තුනක් නිවාස විසි පහේ අපි එකාවන්ව වැඩ කළෙමු.එතරදී දහඩිය මහන්සියෙන් මා සෙව් මුදල් මහන්සි මම ඉතා ප්රවේශමෙන් පරිහරණය කළෙමි.
මේ සිසිල් සුළං හමන සඳ පෑයු රාත්රියේ මගේ මිදුලේ බංකුවට පෙනෙන පහල ළිඳත් අපේ වත්ත කෙළවර උසට උසේ සාදා ඇති ජල ටැංකියත් මාගේ දෙනෙතට රසදුනකි.වසර ගනනාව සිට මාගේ අම්මාත්,අප්පච්චිත් මෙන් ඉතිරි නිවැසියන් ද පීඩාවට පත් කළා වූ උග්ර ජල ප්රශ්නය හෙටින් හමාරය.දෙණියේ කැප්ප වූ ළිඳෙන් කඳු මුදුනේ ටැංකියට පොම්ප කළ ජලය නල දිගේ නිවාස විසි පහටම හෙට උදේ සුභ නැකතින් පිරිත් සජායනා මැද මාගේ අප්පච්චිගේ,අම්මාගේත් දෙයතින් පිළිගැන් වෙන විට මාගේ සිහිනය මල් පුදියි.
✍️අමා
♥️
ReplyDeleteලස්සනයි 🥰🤟✨️
ReplyDelete😍❤️🔥
ReplyDelete❤️
ReplyDelete🔥✍️💙
ReplyDelete❤️
ReplyDelete👍
ReplyDelete👌🥰
ReplyDeleteMaru❤️
ReplyDeleteLassanai...❤❤
ReplyDelete♥️♥️
ReplyDelete🤩🙏
ReplyDeleteලස්සනයි
ReplyDeleteගොඩක ලස්සනයි ..♥️♥️
ReplyDeleteඅපූරුයි 👌
ReplyDelete😍
Delete❤✍️
ReplyDelete