Posts

එකපාර්ශවික ප්‍රේමයක්

පැතුමක් පැතුවෙමි ඔබ දුටුව ඒ මුල් දිනෙදි ඔබ මගේ වෙන්නට කියා දින සති මාස ගෙවි ගියේ අපි මිතුරන් ලෙසින් සැමදා පැතු පැතුමේ දොසක් ඇතිදෝ සිතේ දැන් දැන් මා සිතේ අරක්ගෙන ඇත්තේ අන්සතු මලකි නෙලාගත නොහැකිමුත් හොරහින් පෙම් බදිමි...... ✍️අමා

මීදුම් කැරලි

                මීදුම් කැරලි සබරේ  සරසවියේ සිලි සිලි සුළං මැද්දේ  ෆැකල්ටියට යනෙන පාරේ  මීදුම් කැරලි අතරේ  දුටුවෙමි සුන්දරත්වය ආදර කන්දේ  ඉර බසින සැදැ සමයේ  හිරි පොද වැටෙන වෙලේ  සුන්දරත්වය සබරගමුවේ  විදින්නට දෙනෙත පිංකර ඇත්තේ   නගින්නට ආදර කන්දේ  කවදා ඉඩක් ඇත්තේ  සීත මිදුම් කැරලි අතරේ  නෙත් පුරා විදින්නට සොදුරු දසුනේ                 ✍️අමා.  

රාවණයිනි අවදිවන්න

                            රාවණයිනි අවදිවන්න නොදුටු රාවණා නුඹ කොහෙද සැතපෙන්නේ අවදිවන්න කාලයයි දැන් අපේ පරපුර ගැන සාක්ෂිය නුඹයි නුඹ සිටි බවට කටවහර මිස නොමැත සාක්ෂි ඔප්පු කර ලන්න ඔබේ පරපුරෙන් පැවත එන්නන් තවත් ඇතුවාට සැක නැත මේ සිරිලක  පවසන්න ලෝකයාට ඔබේ වීරකම් ගැන අවදිවන්න රාවණයිනි යක්ෂ ගෝත්‍රයේ අභිමානය රැකගන්න                                                                                       ✍️අමා

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය

                               සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය.                     හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කාව්‍යයි.එකී කියමන සපථ කරනු ලබන කිවිඳියක ලෙස නූතන සාහිත්‍යය කිවිදියන් අතුරින් යමුනා මාලනී පෙරේරා පෙන්වා දිය හැකිය.  "සුරා සොඩ සැමි වලප" නම් පද්‍ය පන්තිය රචනා කොට ඇත්තේ ද ඇය විසිනි.එම කාව්‍ය ඇයගේ කාව්‍ය නිර්මාණ අතරින් විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.                   මෙකී සුරාසොඬ සැමිවලප නම් පද්‍ය පන්තිය සඳහා ඇය පාදක කොට ගෙන ඇත්තේ සුරාවට ලොල් වූ පුරුෂයෙකු නිවසේ කටයුතු මෙන්ම තම භාර්යාව ගැන ද තැකීමක් නොකොට ජීවත් වී භාර්යාව මියදුනු විට ශෝක වෙමින් අතීතාවර්ජනය කරනු ලබන්නකි.     අයස ලගදි මා ලග සිටි             යසවතිය     සිරිබර සැපත නොමදුටු            සිරිමතිය     නිරස කුල බොජුන් වැල            රසවතිය     කටුක වැල් යහන සැරසූ           පතිවතිය                  මෙම කවියෙහි සඳහන් පුරුෂයා ඉතාමත් දැඩි ලෙස සුරාවට ලොල් වු පුරුෂයෙකි.ඔහු කෙතරම් බීමතින් නිවසට පැමිණියත් ඇයට තාඩන පීඩන සිදුකළත් භාර්යාව ඉතාමත් සානුකම්පාවෙන් මේ දුක් සියල්ල ඉවසාගෙන ඔහු සමගින් ජිවත් වන්නට විය.ඇ

ආරණ්‍ය සේනාසන වනය

Image
                              ආරණ්‍ය සේනාසන වනය ඇවිද එන විට ගල් පඩි දිගේ දැනේ සුවයක් සිසිලසක් අතු පතර විදා ගිය වනස්පති යන්ය සැම තැනම  ලතාවක් ඉහළ යයි මහා රුකක ආධාරයෙන්  රැහැයියන්ගේ නාදය කුරුළු කිචි බිචිය මිහිරිය දෙසවනට රිලවුන්ගේ බුකු බුකු ව සුවඳ හමනා වරකාවටය පලතුරින් පිරි වනය මුන්ඩිගල සෙන  සුනය ගඳපාන බෝවිටිය වෛවර්ණ පුෂ්පයන් කුරුල්ලන්ට සමනලුන්ට ආහාර ගබඩා ය සිතට ගතට සුවය ගෙනෙන  බුදු පුතුන් වසන පින් බිමයි මේ මුන්ඩිගල ආරන්‍ය සේනාසන වනේ.....                                                                  ✍️අමා.

කුරුටු ගෑ ආදරේ

Image
                             කුරුටු ගෑ ආදරේ හඳ මඬල පුරා ගැලු සෙනෙහසේ හිමිකාරියයි ඔබ පින්වන්ත කුමරියේ හදවතේ තෙරපෙනා කියාගත නොහැකි ආදරේ හදවතේ දරාගෙන මම තාම බස් නැවතුමේ නැවතුමේ බිත්තියේ ඔබ බලා සිටියදී කුරුටු ගෑවා මුළු හදින් ආදරෙයි මං ආදරෙයි...                                                                 ✍️ අමා

දෙවියන්ගේ පිහිට

                             දෙවියන්ගේ පිහිට         මම ගමේ ගොස් බෝඩිමට පැමිණියෙමි.නාන කාමරයට වැදී හොඳහැටි නා ගත්තේ ගමන් වෙහෙසින් මිදීම සඳහා ය.වේලාව සවස පහමාරට හයට පමණ ඇත.නාන කාමරයෙන් එලියට ආ මට විශාල පිපුරුම් හඬවල් ඇසෙන්නට විය.පහළ පාර දෙස බැලූ මට පෙණුනේ මිනිසුන් හිස් ලූ ලූ අත දිව යන අයුරු ය.පිපිරුම් හඬත් ඇඳිවත පිටින් දුවන මිනිසුනුත් මසිතට ගෙනාවෙ කුතුහලයකි.බෝඩිමේ ගෙදර අයත් නැත.මා පාරේ දුවමින් සිටි අයෙකුගෙන් පිපිරුම් හඬ හා මිනිසුන්ගේ කලබලය ගැන විමසීමි. "ශාලාව කෑම්ප් එක පුපුරනවා ඉක්මනින් ඔතනින් අයින් වෙන්න මහත්තයා"මට ලැබුණු පිළිතුර ය.             ශාලාව කෑම්ප් එක යනු යුධ හමුදා අවි ගබඩාවක් බව මා අසා තිබුණි.මටත් බියක් දැනිණි.මගේ බෝඩිමේ සිට කෑම්ප් එකට වැඩි දුරක් නැත.විශාල ගිනි දැල් පෙනෙන්නට විය.පිපිරුම් හඬ දෙසවන් බිහිරි කරයි .මාත් මාගේ මෝටර් රථයට නැගගත්තේ අතට අසුවෙන දේ රැගෙනය.මෝටර් රථය මහා මාර්ගයට අවතීර්ණ කර ගැන්මට මෙන්ම ගමනාගමනය ද ඉතා අපහසුය.එතරම්ම පාරේ තදබදය වැඩිය.පොරකකා ඉදිරියට ඇදෙන මහ පිරිස් අතර ඉබි ගමනෙන් ඉදිරියට ඇදෙන වාහන පෝලිමට මාගේ රියත් එක්විය.මා මගේ අම්මට දුරකථන පණිවිඩයක්