ආරණ්‍ය සේනාසන වනය

            

                ආරණ්‍ය සේනාසන වනය





ඇවිද එන විට ගල් පඩි දිගේ

දැනේ සුවයක් සිසිලසක්

අතු පතර විදා ගිය

වනස්පති යන්ය සැම තැනම 


ලතාවක් ඉහළ යයි

මහා රුකක ආධාරයෙන් 

රැහැයියන්ගේ නාදය

කුරුළු කිචි බිචිය

මිහිරිය දෙසවනට


රිලවුන්ගේ බුකු බුකු ව

සුවඳ හමනා වරකාවටය

පලතුරින් පිරි වනය

මුන්ඩිගල සෙන  සුනය


ගඳපාන බෝවිටිය

වෛවර්ණ පුෂ්පයන්

කුරුල්ලන්ට සමනලුන්ට

ආහාර ගබඩා ය


සිතට ගතට සුවය ගෙනෙන 

බුදු පුතුන් වසන

පින් බිමයි මේ

මුන්ඩිගල ආරන්‍ය සේනාසන වනේ.....

 


                                                               ✍️අමා.


Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය