සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය. හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කාව්‍යයි.එකී කියමන සපථ කරනු ලබන කිවිඳියක ලෙස නූතන සාහිත්‍යය කිවිදියන් අතුරින් යමුනා මාලනී පෙරේරා පෙන්වා දිය හැකිය. "සුරා සොඩ සැමි වලප" නම් පද්‍ය පන්තිය රචනා කොට ඇත්තේ ද ඇය විසිනි.එම කාව්‍ය ඇයගේ කාව්‍ය නිර්මාණ අතරින් විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙකී සුරාසොඬ සැමිවලප නම් පද්‍ය පන්තිය සඳහා ඇය පාදක කොට ගෙන ඇත්තේ සුරාවට ලොල් වූ පුරුෂයෙකු නිවසේ කටයුතු මෙන්ම තම භාර්යාව ගැන ද තැකීමක් නොකොට ජීවත් වී භාර්යාව මියදුනු විට ශෝක වෙමින් අතීතාවර්ජනය කරනු ලබන්නකි. අයස ලගදි මා ලග සිටි යසවතිය සිරිබර සැපත නොමදුටු සිරිමතිය නිරස කුල බොජුන් වැල ...