පුතණුවනේ.....

                             පුතණුවනේ.....




ගිලන් යහනේ

උඩුකුරුව

වැතිර හිදිමි දිවා රැයේ

ඒ ලෙස ඉන්නා මෙමට

නුඹේ රුව රසදුනකි පුත

නුඹේ ගිලානෝපස්ථානය

දෙනෙතට කදුලු  නංවයි

ගිලන් වු මවට ද

උවටැන් කලේ නුඹමය පුත

මවුපිය උපස්ථානය

නොදන්නා දරුවන් අතර

නුඹ රත්නයකි පුත මට

සසර මතු යම් දිනක 

නිවන් දක්නා පින

පතමි පුතණුවෙනි නුඹට ......








Comments

Post a Comment

Popular posts from this blog

එකපාර්ශවික ප්‍රේමයක්

මීදුම් කැරලි

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය