කුරුටු ගෑ ආදරේ

                            කුරුටු ගෑ ආදරේ



හඳ මඬල පුරා

ගැලු සෙනෙහසේ

හිමිකාරියයි ඔබ

පින්වන්ත කුමරියේ


හදවතේ තෙරපෙනා

කියාගත නොහැකි ආදරේ

හදවතේ දරාගෙන

මම තාම බස් නැවතුමේ


නැවතුමේ බිත්තියේ

ඔබ බලා සිටියදී

කුරුටු ගෑවා මුළු හදින්

ආදරෙයි මං ආදරෙයි...


                                                                ✍️අමා




Comments

Post a Comment