කුලගෙය හැරදමා ආවොත් මා කවුරුන් වේදෝ

   කුල ගෙය හැර දමා ආවොත් මා කවුරුන් වේදෝ




ඔය සුරත ගෙන

මල් මාවතේ ගිය කාලය

අතීතයටම හිමිවිය 

ඔබ දුකින් බව දනිමි

දෙමාපිය බහට

විය යුතු විය අවනත


ඉතින් දුරක ගියෙමි 

එනු නොහැක නැවත

කුලකයේ රකින්නට 

සපථ වී ඇත මා මටම


දෙමාපියන්ට අවනත වූ මා

චපල පෙම්වතියක් වීමී

කුල ගෙය හැර දමා ආවොත් 

මා කවුරුන් වෙයිද?




                                                                     ✍️අමා


Comments

Post a Comment