දීර්ඝායුෂ

   දීර්ඝායුෂ 




ඇඟපත වාරු නැති වී
තවකෙකු පිහිට ලබමී
එකතැන ගිලන් වී 
දීර්ඝායුෂ විදිමී

දන්ත කල්‍යාණය හැලී
ලොඹු කට ඉතිරි වී
පිටවන බසත් නොතේරී
කුමට ආයුෂ දික්වී

පෙනීමක් ඇත්තේම නැත ඇසේ
දහවලත් දැනේ රැය සේ
කන් දෙකත් නොඇසේ
දීර්ඝායුෂ විඳිමි දුක සේ

කරගත් කුසල කර්මත් ඇතිව
සිටිමි මරණය අභියසම
සිහි කල්පනාවක් ඇති නැති ගානය
දීර්ඝායුෂ දැන් නම් බර වැඩිය.


                                                             ✍️අමා







                                    

Comments

Post a Comment